තණමල්විල පිපුණු ගංජා හේනක් පුළුස්සා දමයි

තණමල්විල පොලිස් වසමේ පළුගස්වැව – නාග ලෙන ආරණ්‍ය සේනාසනය අසල ප්‍රදේශයේ දී ඉතා සුක්ෂ්ම ලෙස සරුවට වගාකර තිබූ ගංජා හේනක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වටලා තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත්තේ ඊයේ (02) පස්වරුවේ දී යි.

එහි දී නීතිවිරෝධී ලෙස පර්චස් 120ක පමණ භූමි ප්‍රදේශවල වගා කර තිබූ උස අඩි 4 ½ක් පමණ උසැති ගංජා ගස් 14,370 ක් පමණ වන ගංජා වගාවක් සොයා ගැනුණා.

සැකකරුවන් නොමැතිව සොයා ගැනුණු මෙම ගංජා වගාවෙන් නඩු භාණ්ඩ ලෙස පැළ 10ක් පමණ තබාගෙන සෙසු සියල්ල විනාශ කර දමා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?