ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා පිළිබඳ විවාදයට දින දෙකක්

ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා පිළිබඳ විවාදය එළඹෙන ජූලි 02 සහ 03 යන දිනවල දී පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අද (28) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සහභාගීත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ බව තීරණය වී ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව ජූලි 02 වැනි අඟහරුවාදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පස්වරු 5.00 දක්වා විවාදය පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

එමෙන්ම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එදින පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතයි.

ජූලි 03 වැනි බදාදා පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා මෙම විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇති අතර, අනතුරුව පස්වරු 5.00 මෙම යෝජනා සම්මතයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?