ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරේ – විදේශ ආයෝජනවලටත් දොරටු විවර වෙයි

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරට පැමිණ ඇති බවත්, එය අවසන් වූ වහාම විදේශ ආයෝජකයන්ට වේගවත්ව නැගී එන ශ්‍රී ලංකා ආර්ථිකයේ කොටස්කරුවන් වීමේ මහගු අවස්ථාව උදාවන බවත් වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ
පවසනවා.

සිදුකෙරෙමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ තුළිත් ඇති වන තිරසර ආර්ථික වර්ධනය ආයෝජකයන්ට වඩාත් සුදුසු වටපිටාවක් නිර්මාණය කරනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මෙරට අමෙරිකානු වාණිජ මණ්ඩලයේ 31 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන දෙසුම පවත්වමින් අමාත්‍යවරයා ඊයේ (27) මේ බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක් වූ සේමසිංහ,

“මෙරට කලක් තිස්සේ පැවැති ආර්ථික දුර්වලතාවන්ට පිළිතුරු සපයමින් ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කෙරෙමින් පවතියි. මෙය ශ්‍රී ලංකාව කෙරෙහි දේශීය මෙන් ම විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය යළි දිනා ගැනීමේ අවස්ථාව උදා කරනු ඇත. දුර්වල වෙමින් පැවැති රාජ්‍ය ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා රජය විසින් බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට අවතීර්ණ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වසරේ මුල් මාස 06 තුළ ඉකුත් වසරට සාපේක්ෂව 50%ක වර්ධනයක් අත් කර ගැනීමට සමත් විය. වසරේ මුල් මාස 6 තුළ ප්‍රාථමික ගිණුම ධන අගයක පවත්වාගෙන යාමට හැකි වූයේ වියදම් කළමනාකරණයේ සහ ආදායම් ඉහළ නංවා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. බදු ක්‍රියාවලිය තව දුරටත් විධිමත් කිරීමේ අරමුණින් ආරම්භ කළ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ලබන සතිය වන විට යාවත්කාලීන කරමින් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති.”

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් වැදගත් රටවල් වන ඉන්දියාව, චීනය සහ තායිලන්තය සමඟ ද්වීපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කර ඇති බවත් ඒවායේ සාර්ථකත්වය මත කලාපීය විස්තීරණ ආර්ථික සහයෝගීතාවකට අවතීර්ණ වීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

මේ සියල්ල තුළින් ශ්‍රී ලංකාව විදේශීය ඍජු ආයෝජන සඳහා සුවිශේෂී ප්‍රවේශයක් ලබාගනු ඇති බවයි අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?