ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරේ – විදේශ ආයෝජනවලටත් දොරටු විවර වෙයි

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් අදියරට පැමිණ ඇති බවත්, එය අවසන් වූ වහාම විදේශ ආයෝජකයන්ට වේගවත්ව නැගී එන ශ්‍රී ලංකා ආර්ථිකයේ කොටස්කරුවන් වීමේ මහගු අවස්ථාව උදාවන බවත් වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ
පවසනවා.

සිදුකෙරෙමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ තුළිත් ඇති වන තිරසර ආර්ථික වර්ධනය ආයෝජකයන්ට වඩාත් සුදුසු වටපිටාවක් නිර්මාණය කරනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මෙරට අමෙරිකානු වාණිජ මණ්ඩලයේ 31 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන දෙසුම පවත්වමින් අමාත්‍යවරයා ඊයේ (27) මේ බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක් වූ සේමසිංහ,

“මෙරට කලක් තිස්සේ පැවැති ආර්ථික දුර්වලතාවන්ට පිළිතුරු සපයමින් ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කෙරෙමින් පවතියි. මෙය ශ්‍රී ලංකාව කෙරෙහි දේශීය මෙන් ම විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය යළි දිනා ගැනීමේ අවස්ථාව උදා කරනු ඇත. දුර්වල වෙමින් පැවැති රාජ්‍ය ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා රජය විසින් බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට අවතීර්ණ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වසරේ මුල් මාස 06 තුළ ඉකුත් වසරට සාපේක්ෂව 50%ක වර්ධනයක් අත් කර ගැනීමට සමත් විය. වසරේ මුල් මාස 6 තුළ ප්‍රාථමික ගිණුම ධන අගයක පවත්වාගෙන යාමට හැකි වූයේ වියදම් කළමනාකරණයේ සහ ආදායම් ඉහළ නංවා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. බදු ක්‍රියාවලිය තව දුරටත් විධිමත් කිරීමේ අරමුණින් ආරම්භ කළ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ලබන සතිය වන විට යාවත්කාලීන කරමින් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති.”

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් වැදගත් රටවල් වන ඉන්දියාව, චීනය සහ තායිලන්තය සමඟ ද්වීපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා යළි ආරම්භ කර ඇති බවත් ඒවායේ සාර්ථකත්වය මත කලාපීය විස්තීරණ ආර්ථික සහයෝගීතාවකට අවතීර්ණ වීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

මේ සියල්ල තුළින් ශ්‍රී ලංකාව විදේශීය ඍජු ආයෝජන සඳහා සුවිශේෂී ප්‍රවේශයක් ලබාගනු ඇති බවයි අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56