ඩොලර් 306,000කට අලෙවි වූ ජැක්සන් ජැකට් එක

සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ලෙදර් ජැකැට්ටුවක් පවුම් 250,000කට නැතහොත් අමෙරිකා ඩොලර් 306,000කට අලෙවි වී තිබෙනවා.

ලන්ඩන් නුවර ඊයේ පැවැති වෙන්දේසියක දී මෙම ජැකැට්ටුව අලෙවි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන් 1984 වසරේ දී පෙප්සි වෙළෙඳ දැන්වීමක පැළඳ සිටි කළු සහ සුදු වර්ණයෙන් යුත් මෙම ජැකට්ටුව වෙන්දේසියේදී පවුම් 200,000 සිට පවුම් 400,000 දක්වා අලෙවි වනු ඇතැයි අපේක්ෂා කර තිබුණා.

අදාළ ජැකට්ටුව ජැක්සන් පැළඳ සිටියේ, පෙප්සි සිසිල් බීම සමාගම වෙනුවෙන් ඔහු පෙනී සිටි වෙළෙඳ දැන්වීම් මාලාවේ පළමුවැන්න ලෙසින්.

එම දැන්වීම් ප්‍රධාන වශයෙන්ම මතකයේ රැඳෙන්නේ එක් රූගත කිරීම් අවස්ථාවක් අතරතුර ජැක්සන්ගේ කොණ්ඩයට ගිනි ඇවිළී බරපතළ පිළිස්සුම් තුවාල ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන්. ඔහු ඒ වන විට වෙනත් ජැකැට්ටුවක් හැඳ සිටියා.

මයිකල් ජැක්සන්ට අයත් මතක සටහන් මීට පෙර ඉහළ මිල ගණන්වලට වෙන්දේසි වී ඇති අතර, 1983 දී ප්‍රථම වරට ඔහුගේ සුප්‍රසිද්ධ සඳ ඇවිදීමේ නර්තනය ඉදිරිපත් කිරීමට පෙර පැළඳ සිටි කළු ෆෙඩෝරා තොප්පියක් ද ඇතුළත්. එය සැප්තැම්බර් මාසයේ පැරිස් වෙන්දේසියකදී යුරෝ 77,640 (පවුම් 67,088) කට අලෙවි වුණා.

මයිකල් ජැක්සන්ගේ ලෙදර් ජැකැට්ටුව සමඟ තවත් සංගීතඥයින් රැසකගේ මතක සිහිවටන 200කට වඩා මෙවර වෙන්දේසියේ දී ‍අළෙවි වී ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..ඉක්මනින් හිටපු ජනපතිලා කැඳවන්න..රටේ තත්ත්වය භයානකයි..
05:57
Video thumbnail
වරාය බලධාරින්ට ත#ජනය කරලා ?විමල්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්.. නැව වරායට ගත්තොත් ප්‍ර#රයක්?
05:54
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21