ඩොලර් හිඟය යාචකයන්ටත් බලපාලා

පවතින ආර්ථික අර්බුද හමුවේ කොළඹ නගරයේ මාර්ගවල සිඟමන් යදින යාචකයන්ගේ සංඛ්‍යාව පසුගිය මාසවලට සාපේක්ෂව ගතවූ මාස දෙක තුළදී වැඩිවී ඇත.

මෙම යාචකයන්ගෙන් බොහෝ පිරිසක් පිටස්තර ප්‍රදේශවල සිට පැමිණි පුද්ගලයන් බවට හඳුනාගෙන ඇති බව පෙලිසිය පැවසුවේය.

විශේෂයෙන්ම කොළඹ නගරයේ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර මොවුන් පවුල් වශයෙන් සිඟමනේ යෙදෙයි.

කොළඹ නගරයේ පමණක් මේ වනවිට තුන්සියයක් පමණ යාචකයන් සිඟමනේ යෙදෙන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න සඳහන් කළේය.

බස්නාහිර පළාත තුළ පමණක් මේ වනවිට යාචකයන් හයසිය හැත්තෑ එක්දෙනකු (671) සිඟමනේ යෙදෙයි.

එසේම මසකට කොළඹ නගරයෙන් පමණක් යාචක පුද්ගලයන්ගේ මරණ 10ක පමණ වාර්තා වන බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර පැවසුවාය.

මෙම මියයන පුද්ගලයන්ගෙන් සියයට අනූ නවයක (99%) ප්‍රමාණයක්ම කිසිදු ඥාතියකු නොමැති බව තහවුරු වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36