ඩොලර් වලට නියම මිල ගෙවන්න පොරොන්දු වෙන මුදල් ඇමති…..

විදේශ රැකියාවල නිරතවී උපයන විදේශ ප්‍රේෂණ සඳහා ඉදිරියේදී වෙළෙඳපොළේ පවතින අගයම ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

කුරුණෑගල පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අභිනවයෙන් ඉදිකළ කුරුණෑගල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජනක බණ්ඩාර තෙන්නකෝන් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද (02) සිදු කෙරුණි.

එම අවස්ථාවෙන් අනතුරුව අදහස් දැක්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා,

“විදෙස් රැකියාවලින් ලැබෙන ප්‍රේෂණ කළු කඩයට නොයවා නීත්‍යනුකූල මාර්ගයෙන් රටට එවන්න.ඔවුන්ට ඉදිරියේදී වෙළෙඳපොළේ අගයම ගෙවනවා.”

“ණය ගද්දි බැන්නත්, ණය ගෙවද්දි බැණුම් අහන මුදල් ඇමතිවරයෙක් ගැන දන්නවාද ?”

“අපිට බණින්නේ ණය ගෙව්වා කියලා. අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ගෙවන්න තිබුණා. ඒ ණය ගත්තේ කවුද කියලා මම දන්නේ නැහැ.”

“මේ වසරේ පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් ගෙවන්න තියෙනවා. මේ වසරේ ගෙවන්න තියෙන සියලුම ණය අපි ගෙවනවා. අපි ඒක වගකීමෙන් කියන්නේ.”

“මේ පරම්පරාව ඉන්නකල් විපක්ෂයට ආයෙත් බලයට එන්න බැහැ. හැබැයි වෙන පරම්පරාවක හරි බලයට එනකොට ණය නැති රටක් භාරදීම ජනපතිගේ අධිෂ්ඨානයයි.” 

“මෙවර මහ කන්නයේ හොඳම අස්වැන්න කුරුණෑගලින්.ඒත් ජනපතිගේ හා අගමැතිගේ නිර්දේශය වුණේ ඒ ගොවීන්ටත් වන්දි ගෙවීම.” 

“වගා කිරීමේ ගෞරවයක් ලෙස සියලු වී ගොවීන්ට වන්දි. මුලින්ම කුරුණෑගල ගොවීන්ට වන්දි ලබා දෙන්න.” 

“ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ වැඩ ලක්ෂයක වැඩසටහන හෙට ආරම්භ කරනවා. මේ සඳහා රුපියල් මිලියන ලක්ෂයක් වෙන් කළා.”

“සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 30ක්. කොට්ඨාසයේ සියලුම මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 40ක්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48


?