AFC Banner
Empty Ad
Empty Ad

ඩොලරය තවත් නගියි : පිටකොටුවේ මිල රුපියල් 300 ඉක්මවයි

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල මේ වන විට රු. 285 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

මෙරට බලපත්‍රලාභී බැංකු ගණනාවක් විසින්ම අද (21) දිනය තුළ සිය දෛනික විනිමය අනුපාතික සටහන් ප්‍රකාශයට පත් කිරීමේ දී ඩොලරයක විකුණුම් මිල රු. 280 සිට රු. 285 දක්වා මිල ගණන්වල සටහන් කර ඇති බව නිරීක්ෂණය කළ හැකිවුණා.

මේ අතර කොළඹ පිටකොටුව කේන්ද්‍ර කරගෙන පවතින විදෙස් මුදල් හුවමාරු මධ්‍යස්ථාන වලින් ඇමෙරිකානු ඩොලරයක් ගැනුම් මිල රුපියල් 305 සීමාව ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. එම ස්ථාන වලින් අමෙරිකානු ඩොලරයක විකුණු මිල රු. 313-316ත් අතර වන බව සඳහන්.

මෙරට බලපත්‍රලාභී බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල අද (21) දිනය තුළ දක්වා තිබූ ආකාරය පහත දැක්වේ.

*ලංකා බැංකුව – රු. 280.00

*මහජන බැංකුව – රු. 279.99

*කොමර්ෂල් බැංකුව – රු. 280.00

*සම්පත් බැංකුව – රු. 285.00

*සෙලාන් බැංකුව – රු. 285.00

*HNB – රු. 280.00

*NTB – රු. 280.00

*DFCC – රු. 280.00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?