ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැද්මීර් පුටින්ගේ හමුව අද

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර හමුව අද (15) ඇමරිකාවේ ඇලස්කාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රුසියානු – යුක්‍රේන සටන්විරාමයක් සම්බන්ධයෙන් මෙහිදී ලෝක නායකයින් දෙදෙනා අතර සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම සකච්ඡා යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි බැහැර කර ඇති අතර, තමන් නොමැති විට ගනු ලබන තීරණ අර්ථ විරහිත වනු ඇති බවට ඔහු අනතුරු අඟවා තිබෙනවා.

2022 වසරේ පෙබරවාරි මාසයේ දී යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා බටහිර රටක සංචාරය කරන පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්යක්.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අවසන් වරට 2018 ෆින්ලන්තයේ දී හමුව ඇති අතර, ඉන් පසුව දෙදෙනා හමු වී සාකච්ඡා පවත්වන පළමු අවස්ථාව මෙයයි.

මෙම රාජ්‍ය නායකයින් දෙදෙනාගේ හමුව පැවැත්වෙන ඇලස්කාවේ ඇන්කොරාජ් ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?