ඩොනල්ඩ් ට්‍රම්ප් මැලේසියාවට – ක්වාලාලම්පූර් ගුවන්තොටේ දී උණුසුම් පිළිගැනීමක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආසියානු සංචාරයේ පළමු අදියර අරඹමින් අද (26) මැලේසියාව වෙත පැමිණියා.

ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ ඇමරිකානු ජනධිපතිවරයාව මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රාහිම් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

පසුගිය ජූලි මාසයේදී දේශසීමාවේ ඇති වූ ගැටුම්වලින් පසු තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම් අත්සන් කිරීම, ට්‍රම්ප්ගේ මෙම මැලේසියානු සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

තායිලන්තය සහ කාම්බෝජය අතර කැකෑරෙන ආතතීන් දේශසීමාවේ මාරාන්තික සටනක් දක්වා ජූලි මාසයේ දී පුපුරා ගියා.

එම සටහන් අඛණ්ඩව දින පහක් පැවති අතර, පුද්ගලයින් 33 දෙනෙකු මිය ගොස් දස දහස් ගණනක් අවතැන් වුණා.

ජූලි 28 වන දින, මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රාහිම්ගේ නායකත්වයෙන් යුත් ක්වාලාලම්පූර්හි පැවති සාකච්ඡාවලින් පසුව දෙපාර්ශ්වය සටන් විරාමයකට එකඟ වුණා.

තායිලන්තය මෙම සටහන් විරාමය මුල දී ප්‍රතික්ෂේප කළ නමුත්, සටන් අත්නොහරින තෙක් තීරුබදු සාකච්ඡා ඉදිරියට නොයන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමෙන් පසුව ටන් විරාමයක් වෙනුවෙන් තායි බලධාරීන් එකඟතත්වයකට පැමිණියා.

මේ අතර සිය තෘත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, තමන් කාම්බෝජය සහ තායිලන්තය අතර ආඩම්බරයෙන් මැදිහත් වූ ශ්‍රේෂ්ඨ සාම ගිවිසුම අත්සන් කිරීම සඳහා පැමිණි බවයි.

මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයා මැලේසියාවේ සිටින කාලය තුළ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සමුළුවකට ද සහභාගී වීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?