AFC Banner
AFC Banner
Empty Ad

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් (වීඩියෝ)

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ රැළියක් අතරතුරේ ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපතිවරයාට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එක් වෙඩි උණ්ඩයක් ඔහුගේ දකුණු කන ප්‍රදේශයට වැදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ හිටපු ජනාධිපතිවරයාව ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත්කර ගැනීමට ආරක්ෂක අංශ සාමාජිකයන් කටයුතු කර තිබෙනවා.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙවර ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස තරග වදිනවා.

මේ අතර වෙඩි තැබීම සිදුකළ සැකකරු ආරක්ෂක අංශ විසින් සිදුකළ වෙඩි තැබීමක දී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
4
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?