ඩෙවෝන් පුතා 05 බෝට්ටුව තුළ මියගිය ධීවරයින් සිව්දෙනාගේ සිරුරු ගොඩබිමට (වීඩියෝ)

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් ධීවරයින් සිව්දෙනාගේ මෘත දේහයන් රැගත් ධීවර යාත්‍රාව අද (03) උදෑසන තංගල්ල ධීවර වරායට පැමිණ තිබෙනවා.

එමෙන්ම එම ධීවරයින් පිරිස මුහුදු ගිය ඩෙවෝන් පුතා 05 බහුදින ධීවර යාත්‍රාව ද තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ඇවිත් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ධීවරයින්ගේ මෘත දේහයන් රැගත් යාත්‍රාව අද (03) උදෑසන 8.30ට පමණ තංගල්ල ධීවර වරායට ළඟා වී තිබෙනවා.

මේ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා මේ වන විටත් එම මෘත දේහ යාත්‍රාව තුළම තබා ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියේ දී ඩෙවෝන් පුතා 05 බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හයදෙනාගෙන් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, එලෙස ජීවිතක්ෂය පත් වූ 05 වන ධීවරයා වෙළඳ නෞකාවකින් බේරාගෙන ගොඩබිම වෙත රැගෙන එමින් සිටිය දී නැව තුළ දී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඔහුගේ මළ සිරුර නාවික හමුදාව විසින් ගොඩබිම වෙත රැගෙන ඒමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හම්බන්තොට රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?