ඩෙවෝන් පුතා 05 බෝට්ටුව තුළ මියගිය ධීවරයින් සිව්දෙනාගේ සිරුරු ගොඩබිමට (වීඩියෝ)

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් ධීවරයින් සිව්දෙනාගේ මෘත දේහයන් රැගත් ධීවර යාත්‍රාව අද (03) උදෑසන තංගල්ල ධීවර වරායට පැමිණ තිබෙනවා.

එමෙන්ම එම ධීවරයින් පිරිස මුහුදු ගිය ඩෙවෝන් පුතා 05 බහුදින ධීවර යාත්‍රාව ද තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ඇවිත් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ධීවරයින්ගේ මෘත දේහයන් රැගත් යාත්‍රාව අද (03) උදෑසන 8.30ට පමණ තංගල්ල ධීවර වරායට ළඟා වී තිබෙනවා.

මේ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා මේ වන විටත් එම මෘත දේහ යාත්‍රාව තුළම තබා ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියේ දී ඩෙවෝන් පුතා 05 බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හයදෙනාගෙන් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, එලෙස ජීවිතක්ෂය පත් වූ 05 වන ධීවරයා වෙළඳ නෞකාවකින් බේරාගෙන ගොඩබිම වෙත රැගෙන එමින් සිටිය දී නැව තුළ දී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඔහුගේ මළ සිරුර නාවික හමුදාව විසින් ගොඩබිම වෙත රැගෙන ඒමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හම්බන්තොට රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33