යාපනය, ඩෙල්ෆ් මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් අල්ලමින් සිටියදී ඉන්දීය ජාතික ධීවරයින් 30 දෙනෙක් අත්අඩංගුවට ගෙන මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (10) ඉදිරිපත්කර තිබෙනවා.
ඒ අනුව එළැඹෙන 23 වැනිදා දක්වා එම සැකකරුවන් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළ බව මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය පවසනවා.
නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් මෙම පිරිස පසුව මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී ඇති බවයි වාර්තාවන්නේ.
ට්‍රෝලර් යාත්‍රා හතරකින් පැමිණ මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මසුන් අල්ලමින් සිටියදී අදාළ ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය හා නාවික හමුදාව වැඩිදුර පරීක්ෂණ පරීක්ෂණ පවත්වනු ලබනවා.





