AFC Banner
Empty Ad
Empty Ad

ඩෙල්ටා සහ බීටා ප්‍රභේදයන්ට සමාන නව ප්‍රභේදයක්

කොළොම්බියාවෙන් බීටා සහ ඩෙල්ටා ප්‍රභේදයන්ට සමාන නව ප්‍රභේදයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.බී වන් 621 ලෙස හඳුන්වන මෙම නව ප්‍රභේදය අසාදිත පුද්ගලයන් 8 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන් සියළුදෙනාම කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් දෙකම ලබාගත් අය බවටයි අනාවරණය වී ඇත්තේ.

සීග්‍ර ව්‍යාප්තියක් සහිත මෙම නව විකෘති ප්‍රභේදය අසාදිත පස් දෙනෙකු ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන්ද හඳුනාගැනුනා.

එමෙන්ම මඩකලපුව – කලුවන්කේනි මාරිඅම්මාන් කෝවිලේ වාර්ෂික උත්සවයට සහභාගිවූ 114 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මීට දින දෙකකට පෙර මඩකලපුව – කලුවන්කේනි මාරිඅම්මාන් කෝවිලේ වාර්ෂික උත්සවය පැවැත්වූ  අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ 114 දෙනා අතර, එහි ප්‍රධාන පූජකවරයාද සිටින බව චෙන්කලඩි සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

එවැනි තත්වයක් තුළ අද, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව 50 කට සීමා කර පැවැත්වීමට අවසර ලබාදී තිබූ මඩකලපුව මාමන්ගේෂ්වරී  කෝවිලේ ආඩියාමාවාශ උත්සවය  නිරෝධායන  නීතීන්ට පටහැනිව පවත්වන ආකාරය දක්නට ලැබුණා.

අහංගම ප්‍රදේශයේ නිවසක අද පවත්වමින් තිබූ මල්වර උත්සවයක් තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා. මහජන පැමිණිලි මත ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අදාළ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේ උත්සවයට පැමිණ සිටි 50ක පමණ පිරිසක් විසුරුවා හැරීමටයි කටයුතු කරනු  ලැබුවේ.

මේ අතර මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගලට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ දක්වා කොරෝනා වෛරසය ආසාදිත ළමයින් 45,000ක් වාර්තා වී තිබෙනවා. ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත ප්‍රකාශ කළේ ඉන් 20,000ක්ම වයස අවුරුදු 10ට අඩු ළමයින්  බවයි.  

අද දිනයේ මේ දක්වා කාලය තුළ අලුතින් කොරෝනා ආසාදිතයින් 2,230 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට මුළු ආසාදිත සංඛ්‍යාව තුන්ලක්ෂ 29,268 දක්වා ඉහළ ගියා. මරණ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 5,017 ක් ලෙසයි.

මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වූ පසුගිය වසරේ මාර්තු 29 වන දා සිට කොරෝනා  මරණ දහසේ සීමාව ඉක්මවා යාමට මාස 13ක් ගත වුවද කොරෝනා මරණ 2000 ඉක්මවා යාමට ගත වූයේ මැයි මස 19 වන දා සිට ජුනි 11 තෙක් දින 23ක් පමණයි.

එමෙන්ම, ජුනි 11 වන දා සිට මරණ 3000 සේ සීමාව ඉක්මවීමට දින 19 ක් ගත වූ අතර මරණ 5000සේ ඉක්මවීමට ගත වූයේ  ජුලි 23 වන දා සිට අගෝස්තු 6 වන දා තෙක් දින 13ක් පමණයි.

මෙරට ආසාදිතයන් සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති පසුබිමක රෝග ලක්ෂණ නොපෙන්වන හෝ  අසාධ්‍ය නොවන රෝගීන් නිවසේ රදවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?