ඩෙල්ටා සහ බීටා ප්‍රභේදයන්ට සමාන නව ප්‍රභේදයක්

කොළොම්බියාවෙන් බීටා සහ ඩෙල්ටා ප්‍රභේදයන්ට සමාන නව ප්‍රභේදයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.බී වන් 621 ලෙස හඳුන්වන මෙම නව ප්‍රභේදය අසාදිත පුද්ගලයන් 8 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔවුන් සියළුදෙනාම කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් දෙකම ලබාගත් අය බවටයි අනාවරණය වී ඇත්තේ.

සීග්‍ර ව්‍යාප්තියක් සහිත මෙම නව විකෘති ප්‍රභේදය අසාදිත පස් දෙනෙකු ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන්ද හඳුනාගැනුනා.

එමෙන්ම මඩකලපුව – කලුවන්කේනි මාරිඅම්මාන් කෝවිලේ වාර්ෂික උත්සවයට සහභාගිවූ 114 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මීට දින දෙකකට පෙර මඩකලපුව – කලුවන්කේනි මාරිඅම්මාන් කෝවිලේ වාර්ෂික උත්සවය පැවැත්වූ  අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ 114 දෙනා අතර, එහි ප්‍රධාන පූජකවරයාද සිටින බව චෙන්කලඩි සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

එවැනි තත්වයක් තුළ අද, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව 50 කට සීමා කර පැවැත්වීමට අවසර ලබාදී තිබූ මඩකලපුව මාමන්ගේෂ්වරී  කෝවිලේ ආඩියාමාවාශ උත්සවය  නිරෝධායන  නීතීන්ට පටහැනිව පවත්වන ආකාරය දක්නට ලැබුණා.

අහංගම ප්‍රදේශයේ නිවසක අද පවත්වමින් තිබූ මල්වර උත්සවයක් තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා. මහජන පැමිණිලි මත ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අදාළ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේ උත්සවයට පැමිණ සිටි 50ක පමණ පිරිසක් විසුරුවා හැරීමටයි කටයුතු කරනු  ලැබුවේ.

මේ අතර මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගලට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ දක්වා කොරෝනා වෛරසය ආසාදිත ළමයින් 45,000ක් වාර්තා වී තිබෙනවා. ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත ප්‍රකාශ කළේ ඉන් 20,000ක්ම වයස අවුරුදු 10ට අඩු ළමයින්  බවයි.  

අද දිනයේ මේ දක්වා කාලය තුළ අලුතින් කොරෝනා ආසාදිතයින් 2,230 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට මුළු ආසාදිත සංඛ්‍යාව තුන්ලක්ෂ 29,268 දක්වා ඉහළ ගියා. මරණ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 5,017 ක් ලෙසයි.

මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වූ පසුගිය වසරේ මාර්තු 29 වන දා සිට කොරෝනා  මරණ දහසේ සීමාව ඉක්මවා යාමට මාස 13ක් ගත වුවද කොරෝනා මරණ 2000 ඉක්මවා යාමට ගත වූයේ මැයි මස 19 වන දා සිට ජුනි 11 තෙක් දින 23ක් පමණයි.

එමෙන්ම, ජුනි 11 වන දා සිට මරණ 3000 සේ සීමාව ඉක්මවීමට දින 19 ක් ගත වූ අතර මරණ 5000සේ ඉක්මවීමට ගත වූයේ  ජුලි 23 වන දා සිට අගෝස්තු 6 වන දා තෙක් දින 13ක් පමණයි.

මෙරට ආසාදිතයන් සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති පසුබිමක රෝග ලක්ෂණ නොපෙන්වන හෝ  අසාධ්‍ය නොවන රෝගීන් නිවසේ රදවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36