ඩෙනිමක් පාසලට ඇඳගෙන ආවාට සිසුවියගේ කනට ගහලා

කෑගල්ල අධ්‍යාපන කලාපයේ පාසලක පාසල් සිසුවියකගේ කණට විදුහල්පති හිමිනමක් විසින් එල්ල කරන ලද පහරදීමක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පුවත්පත් වාර්තාකරණයක දැක්වෙන්නේ අදාළ ශිෂ්‍යයාවට මෙම පහරදීම සිදු කිරීමට හේතුව වී ඇත්තේ; ඇය පාසලට ලෝක ළමා දිනයට සමගාමී ව පැවැත්වුණු උත්සවයකට ඩෙනිම් කලිසමක් සහ කමීසයක් ඇඳගෙන පැමිණියාට බවයි.

ඇය විදුහල්පති නිල කාමරය අසලින් ගමන් කරමින් සිටියදී, විදුහල්පති හිමිනම ඇයට කතා කර අසා ඇත්තේ; ලෝක ළමා දිනයදා සෑම ගැහැනු සිසුවියක් ම ගවුම්වලින් සැරසිය යුතු බැව් දැන්වූ විටත්, ඩෙනිම් කලිසමක් ඇද ආවේ ඇයි දැයි යන්නයි.

එම අවස්ථාවේ දී පහරකෑමට ලක් වූ ශිෂ්‍යාව තමාට නිසි ආකාරයේ සුදුසු ගවුමක් නොතිබූ බැවින්, තිබූ එකම ඇඳුම ඩෙනිම හේතුවෙන් එය ඇඳගෙන ඒමට සිදු වූ පවසා තිබෙනවා.

එහි දී විදුහල්පති හිමි නම ශිෂ්‍යාව සමග උරණ වී ඇය පිරිමියෙක් සේ යැයි පවසමින් බැණ වැදී, ඇයගේ කණට පහරක් එල්ල කර තිබෙනවා.

එම පහරදීමෙන් පසුව පාසල නිමා වී නිවසට පැමිණි මෙම ශිෂ්‍යාව තමන්ට යළිත් පාසල් යාමට නොහැකි බව පැවසූ හෙයින්, දෙමව්පියන් සිදු කළ සොයා බැලීමක දී තම දරුවාට පාසලේ විදුහල්පති හිමිනම විසින් පහරදෙනු ලැබ ඇති බවටයි ආරංචි වී ඇත්තේ.

ඉන් අනතුරුව ශිෂ්‍යාවගේ මව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කලාප අධ්‍යාපන කාර්‍යාලයට පැමිණිලි කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?