spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩෙනිමක් පාසලට ඇඳගෙන ආවාට සිසුවියගේ කනට ගහලා

කෑගල්ල අධ්‍යාපන කලාපයේ පාසලක පාසල් සිසුවියකගේ කණට විදුහල්පති හිමිනමක් විසින් එල්ල කරන ලද පහරදීමක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පුවත්පත් වාර්තාකරණයක දැක්වෙන්නේ අදාළ ශිෂ්‍යයාවට මෙම පහරදීම සිදු කිරීමට හේතුව වී ඇත්තේ; ඇය පාසලට ලෝක ළමා දිනයට සමගාමී ව පැවැත්වුණු උත්සවයකට ඩෙනිම් කලිසමක් සහ කමීසයක් ඇඳගෙන පැමිණියාට බවයි.

ඇය විදුහල්පති නිල කාමරය අසලින් ගමන් කරමින් සිටියදී, විදුහල්පති හිමිනම ඇයට කතා කර අසා ඇත්තේ; ලෝක ළමා දිනයදා සෑම ගැහැනු සිසුවියක් ම ගවුම්වලින් සැරසිය යුතු බැව් දැන්වූ විටත්, ඩෙනිම් කලිසමක් ඇද ආවේ ඇයි දැයි යන්නයි.

එම අවස්ථාවේ දී පහරකෑමට ලක් වූ ශිෂ්‍යාව තමාට නිසි ආකාරයේ සුදුසු ගවුමක් නොතිබූ බැවින්, තිබූ එකම ඇඳුම ඩෙනිම හේතුවෙන් එය ඇඳගෙන ඒමට සිදු වූ පවසා තිබෙනවා.

එහි දී විදුහල්පති හිමි නම ශිෂ්‍යාව සමග උරණ වී ඇය පිරිමියෙක් සේ යැයි පවසමින් බැණ වැදී, ඇයගේ කණට පහරක් එල්ල කර තිබෙනවා.

එම පහරදීමෙන් පසුව පාසල නිමා වී නිවසට පැමිණි මෙම ශිෂ්‍යාව තමන්ට යළිත් පාසල් යාමට නොහැකි බව පැවසූ හෙයින්, දෙමව්පියන් සිදු කළ සොයා බැලීමක දී තම දරුවාට පාසලේ විදුහල්පති හිමිනම විසින් පහරදෙනු ලැබ ඇති බවටයි ආරංචි වී ඇත්තේ.

ඉන් අනතුරුව ශිෂ්‍යාවගේ මව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කලාප අධ්‍යාපන කාර්‍යාලයට පැමිණිලි කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?