ඩෙන්මාර්කය හා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියට අගමැතිගේ කැමැත්ත

ඊයේ (03) රාත්‍රියේත් ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් පැයකට වැඩි කාලයක් විදුලිය විසන්ධි වීම් දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වුණෑ.

සංචිත දැවිතෙල් අවසන් වීමෙන් මෙගවොට් 60ක විදුලි ධාරිතාවක් සපයන කොළඹ වරායේ බත්තල බලාගාරය ඊයේ සම්පූර්ණයෙන්ම යළි අක්‍රීය වුණත් ඊයේ රාත්‍රිය වනවිට යළිත් දැවිතෙල් ලබා දීම ආරම්භ කෙරුණා.

එමෙන්ම කැලණිතිස්ස බලාගාරයේ මෙගවොට් 280 ක් ධාරිතාවයක් සපයන විදුලි ජනන යන්ත්‍ර තුනක් ද දැනට අක්‍රියව පවතින බවත් එමඟින් ජාතික පද්ධතියට අහිමි වන ධාරිතාව මෙගාවොට් 340ක්.

මේ අතර, විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය, ඉල්ලීමක් කර නොමැති බැවින් එලෙස, විදුලි කප්පාදුවක් සිදු කළහොත් විදුලිබල පනතේ ප්‍රතිපාදන අනුව කටයුතු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම ඊයේ පස්වරුවේ කියා සිටියේ.

මේ අතර, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය කැමැත්ත පළ කර තිබෙනවා. මෙරට ඩෙන්මාර්ක තානාපති ලෙස පත් වූ ෆෙඩී ස්වේන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර ඊයේ අරලියගහ මන්දිරයේ දී හමුවක් සිදුව ඇති අතර, එම අවස්ථාවේදීයි මෙම කරුණු සංවාදයට බඳුන් වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?