අවසන් මහා තරගයේ දී නවසීලන්තයට ප්‍රබල ඉලක්කයක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ නවසීලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී 255ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ඉන්දීය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අභිෂේක් ශර්මා සහ සංජු සැම්සන් අර්ධ ශතක රැස් කිරීමට සමත් වුණා.

ඒ, අනුව අභිෂේක් ශර්මා පන්දු 21ක් තුළ ලකුණු 52ක් රැස්කළ අතර, අදත් සුපිරි පිත් හරඹයක් දියත් කළ සංජු සැම්සන් පන්දු 46ක් තුළ වේගවත් ලකුණු 83ක් රැස් කළා.

ඉන්දීය ඉනිමේ තුන්වන කඩුල්ල ලෙස දැවී ගිය ඉෂාන් කිෂාන් ලකුණු 54ක් රැස්කරමින් සිය දායකත්වය ලබා දුන්නා.

පන්දු යැවීමේ දී ජේම්ස් නීෂම් ඉන්දීය කඩුලු 03ක් දවා ගත්තේ ලකුණු 46ක් ලබාදෙමින්.

ඊට අමතරව මැට් හෙන්රි එක් කඩුල්ලක් සහ රචින් රවීන්ද්‍ර එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ඒ, අනුව 2026 පන්දුවාර 20-20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 256ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46