AFC Banner
Empty Ad
Empty Ad

ඩුබේට විස්සයි විස්ස තරගාවලිය අහිමිව යයි

සංචාරක බංග්ලාදේශය කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අද (06) ආරම්භ වනවා.

අද ආරම්භ වන මෙම තරගාවලිය ඉන්දීය ක්‍රීඩක ශිවම් ඩුබේට අහිමිව ගොස් ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් මෙම තුන් ඉරියව් ක්‍රීඩකයාට තරගාවලිය අහිමිව ගොස් ඇති අතර, ඔහු වෙනුවට තිලක් වර්මා ඉන්දීය සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව තිලක් වර්මා අද (06) උදෑසන ග්වාලියර්හි රැඳී සිරින ඉන්දීය සංචිතය සමඟ එක්වනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

බංග්ලාදේශ තරගාවලිය ආරම්භ වීමට පෙර මුම්බායි හි පුහුණුවීම් අතරතුර ඩුබේගේ පිටකොන්දේ ආබාධය මතුව ඇති අතර, ඔහු ග්වාලියර් වෙත පැමිණි පසුව ද වේදනාව පහව ගොස් නැහැ.

ග්වාලියර්හි දී පැවති පුහුණු සැසි අතරතුර ඔහු අපහසුතාවයෙන් පෙළුණු බවයි දැනගන්නට ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?