ඩුප්ලිකේට් සෙව්වන්දි සමඟ හාදකම් පෑ සැරයන්ගේ වැඩ තහනම්

ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකාරියක් වන නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරිය සමඟ සමීප සබඳතා පැවැත් වූ පොලිස් සැරයන්වරෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

අදාළ සැරයන්වරයා සැකකාරිය සමඟ එක බිස්කට් එක දෙකට කඩාගෙන කා, හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වැඩ තහනමට ලක් කළ පොලිස් සැරයන්වරයා පසුගිය 30 වනදා රාත්‍රී 10.00 සිට පසුදින උදෑසන 6.00 දක්වා උපසේවක රාජකාරී යෙදී සිටියදී අංක 03 සිර මැදිරියේ රඳවාසිටින නන්ද කුමාර් තක්ෂි නැමති සැකකාරියට බිස්කට් ලබාදෙන බවට හා ඇය විසින් අඩක් ආහාරයට ගන්නා ලද බිස්කට් කැබැල්ලක් නිලධාරියට ලබා දී ඇති බවත් අවස්ථා කිහිපයකදීම එම සැකකාරිය රඳවා සිටි සිරමැදිරිය සමීපයට ගමන් කරන බවට හා ඇය සමඟ හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගන්නා බවට CCTV කැමරා සමීප රූප පරීක්ෂා කිරීමේදී අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දි අතුරුදන්ව සිට අතර, පසුව ඇය සහ ඇයගේ රුවට බොහෝ සෙයින් සමාන රුවක් ඇති නන්ද කුමාර් තක්‍ෂි නැමැති මෙම සැකකාරියද ඇතුළු සැකකරුවන් හයදෙනෙකු නේපාලයේ කත්මන්ඩු නුවර නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආවා.

අනතුරුව ඉෂාරා සෙව්වන්දි සහ නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරියන් දෙදෙනා කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු අනතුරින් 4ක් එළොව යයි
00:39
Video thumbnail
මෙන්න හොරට තෙල් අදින හැටි..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
00:37
Video thumbnail
ඉදිරියේදී බරපතළ විදුලි කප්පාදුවක් ?මම කියන්නේ පට්ටපල් බොරු නෙවෙයි
04:35
Video thumbnail
කොහොමද තෙල් වලට දෙන ෂොට් එක..මිනිස්සු පෝළිම්වල දුක් විදිනවා..අර්බුදයක් එන එක අහන්න දෙයක්ද ?
01:07
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22