ඩුප්ලිකේට් සෙව්වන්දි සමඟ හාදකම් පෑ සැරයන්ගේ වැඩ තහනම්

ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකාරියක් වන නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරිය සමඟ සමීප සබඳතා පැවැත් වූ පොලිස් සැරයන්වරෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

අදාළ සැරයන්වරයා සැකකාරිය සමඟ එක බිස්කට් එක දෙකට කඩාගෙන කා, හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වැඩ තහනමට ලක් කළ පොලිස් සැරයන්වරයා පසුගිය 30 වනදා රාත්‍රී 10.00 සිට පසුදින උදෑසන 6.00 දක්වා උපසේවක රාජකාරී යෙදී සිටියදී අංක 03 සිර මැදිරියේ රඳවාසිටින නන්ද කුමාර් තක්ෂි නැමති සැකකාරියට බිස්කට් ලබාදෙන බවට හා ඇය විසින් අඩක් ආහාරයට ගන්නා ලද බිස්කට් කැබැල්ලක් නිලධාරියට ලබා දී ඇති බවත් අවස්ථා කිහිපයකදීම එම සැකකාරිය රඳවා සිටි සිරමැදිරිය සමීපයට ගමන් කරන බවට හා ඇය සමඟ හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගන්නා බවට CCTV කැමරා සමීප රූප පරීක්ෂා කිරීමේදී අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දි අතුරුදන්ව සිට අතර, පසුව ඇය සහ ඇයගේ රුවට බොහෝ සෙයින් සමාන රුවක් ඇති නන්ද කුමාර් තක්‍ෂි නැමැති මෙම සැකකාරියද ඇතුළු සැකකරුවන් හයදෙනෙකු නේපාලයේ කත්මන්ඩු නුවර නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආවා.

අනතුරුව ඉෂාරා සෙව්වන්දි සහ නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරියන් දෙදෙනා කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?