AFC Banner
AFC Banner
Empty Ad

ඩීසල් පෝලිමේ ඉන්න මිතුරන්ට සුබ පුවතක්…

පසුගිය දිනවල පැවති දැඩි ඩීසල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට දිවයින පුරා නිසි ක්‍රමවේදයකට ඩීසල් බෙදා හැරීම සිදුවන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සදනායක මහතා පැවසුවා.

ඒ, අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව දිවයින පුරා විසිරි තිබෙන පිරවුම්හල් වෙත ක්‍රමවේදයකට යටත්ව ඩීසල් ලැබෙමින් තිබෙන බව ඊයේ සහ අද දින ලැබෙන තොරතුරු වලින් තහවුරු වී තිබෙන බවයි සදනායක මහතා කියා සිටියේ.

මෙහිදී සිදුවන්නේ දිස්ත්‍රික්කවල තෝරා ගැනුණු පිරවුම්හල් වෙත එම ඉන්ධන තොග ලැබීමට සැලැස්වීම බව ඔහු පැවසුවා.

උදාහරණයක් ලෙස රත්නපුර දිස්ත්‍රික්කය ගතහොත් ඇති සමස්ත පිරවුම්හල් ප්‍රමාණය 43ක් පමණ වුවත් එයින් භාගයකට පමණ ඩීසල් ලැබෙමින් පවතින බව සදනායක මහතා සඳහන් කළා.

පිරවුම්හල් වෙත ඉන්ධන ලැබීමේ විශේෂ සීමා කිරීමක් නැති අතර සාමාන්‍යයෙන් අලෙවි කරන ප්‍රමාණයට වඩා මේ වන විට හතරගුණයකට වැඩි ප්‍රමාණයක් අලෙවි කළද පෝලිම් නතර නොවීම ප්‍රශ්නයක් බවයි ඔහු සඳහන් කළේ.

නිසි ලෙස තෙල් බෙදාහැරීම සිදුවන නිසා අනවශ්‍ය ලෙස ඉන්ධන ගබඩා කිරීමෙන් වළකින ලෙස පැවසූ ඔහු තවදුරටත් කියාසිටියේ ඉන්ධන නොමැති වුවහොත් මුළු රටටම එය නැති වන බවයි.

මේ අතර ඇතැම් කොටස් කලහකාරී ලෙස හැසිරීම ඉතා ආවසනවනත තත්ත්වයක් බවත් 70%කට වැඩි පිරවුම්හල් වෙත හමුදාව සහ පොලීසියේ ආරක්ෂාව ලැබී තිබෙන බවත් කලහකාරී තත්ත්වය ටිකක් හෝ සමනය වූයේ එම ආරක්ෂාව යෙදවීමෙන් පසුව බවත් සදනායක මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?