ඩීසල් තොගය තවමත් ගොඩ බා නැත

පසුගියදා මෙරටට පැමිණි ඩීසල් නෞකාවට ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 52 සපයාගැනීමට නොහැකි වීම හේතුවෙන් මේ වන තෙක් ඊට ගෙවීම් සිදුකර නොමැති බව බලශක්ති අමාත්‍යංශය පැවසීය.

අදාළ නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් ඇති බව වාර්තා වෙයි.

මෙම ඩීසල් තොගය ගොඩබෑමට නියමිතව තිබුණේ පසුගිය 29වනදාය.එම නෞකාවේ ඩීසල් තොග මෙතෙක් නොලැබීම නිසා රට තුළ මේ වනවිට දැඩි ඩීසල් හිඟයක් ද ඇතිවී තිබේ.

මේ අතර ඉන්දීය ණය පහසුකම යටතේ මෙරටට ලැබෙන ඉන්ධන නෞකා අතරින් එක් නෞකාවක් ඩීසල් මෙට්‍රික් ටොන් 38,200ක් රැගෙන හෙට (01) රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතය. එමෙන්ම එම ණය යෝජනා ක්‍රමය යටතේම තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 38,200ක් රැගත් නෞකාවක් එළැඹෙන පස්වැනිදා මෙරටට පැමිණීමට නියමිත බවද වාර්තා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?