ඩිලාන් සේනානායකගේ සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

තියුණු ආයුධයකින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට පහර දීමේ සිද්ධියට සම්බන්ධව පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහුගේ නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි නිවසට ඉකුත් 14 වනදා මුහුණු ආවරණය කරගත් දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් පැමිණ මෙම පහරදීම සිදු කර තිබේ.

පහර කෑමෙන් පසු ඔහු කළුබෝවිල දකුණු කොළඹ රෝහලට ඇතුළත් කළා.පසු ව සිදු කළ පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වූයේ අරගල භූමියේ දී කාන්තාවක් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම පහර දීම සිදු ව ඇති බවයි.