Empty Ad
AFC Banner
Empty Ad

ඩිල්ෂාන්ගේ මතක අලුත් කරන ලිමංසාගේ පිතිකරණය

අවුරුදු 19න් පහළ කාන්තා ආසියානු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සහභාගී වූ පළමු තරගය ජය ගැනීමට පෙරේදා (15) සමත් වුණා.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් B කාණ්ඩයෙන් තරග වදින අතර ඔවුන් හමුවේ පළමු තරගයෙන් පරාජයට පත් වූයේ මැලේසියානු කණ්ඩායමයි.

මැලේසියාව සත්කාරකත්වය දරන මෙවර ආසියානු ක්‍රිකට් කුසලානයේ මෙම තරගය ක්වාලාලාම්පූර් හි දී පැවැත්වුණු අතර ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 153ක් රැස් කරගත්තා.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නැංගූරම වූ නායිකා මනුදි නානායක්කාර සහ ලිමංසා තිලකරත්න එක්ව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර මනුදි නොදැවී ලකුණු 74ක් සහ ලිමංසා නොදැවී ලකුණු 41ක් රැස් කරගැනීමට සමත් වුණා.

මැලේසියානු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 59ක් පමණයි.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුණා.

මේ අතර ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ තමන් වෙනුවෙන් ස්ථානයක් හිමිකර ගැනීමට සමත් ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ටී. එම්. ඩිල්ෂාන්ගේ දියණිය සම්බන්ධයෙන් ද මෙම තරගයෙන් පසුව යළිත් කතාබහක් මතු ව තිබෙනවා.

ටී. එම්. ඩිල්ෂාන් සිය දියණිය ගැන තරගය අවසානයේ දී තැබූ ෆේස්බුක් සටහනින් මෙම සිදුවීම යළිත් ඉස්මතු ව තිබෙනයුරු දැකිය හැකියි.

වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රීඩිකාවන් ලැබූ පළමු ජයට සුබ පැතුම් එක් කර ඇති ඩිල්ෂාන් පවසා ඇත්තේ; තමන්ගේ දියණිය ඇතුළු කණ්ඩායම ලැබූ ජයග්‍රහණයට හදවතින් ම සතුටු වන බවයි.

එමෙන්ම තමන්ගේ දියණිය වන ලිමංසා සිය කණ්ඩායමේ නායිකාව වන මනුදි සමග ගොඩනැගූ ශක්තිමත් ලකුණු සබඳතාව තමන්ගේ ක්‍රිකට් දිවියේ එක් සිදුවීමකට මතකය ගෙන ගිය බව ද හෙතෙම සඳහන් කරන්නේ මෙසේයි;

” අද මගේ දුව ලිමන්සා එයාගේ කැප්ටන් එක්ක ලකුණු 109 ක Partnership එකක් දාලා මැච් එක දිනවනවා. 2009 අද වගේම දවසක, කුමාර් කැප්ටන් කරනකොට මම කුමාර් එක්ක 100 Partnership එකක් දානවා. මගේ ආදරණීය ලිමි ඒ මතකයන් නැවත අලුතින් ලියද්දී මට දැනෙන්නෙ නිහතමානී ආඩම්බරයක්. මනුදි දුව ඇතුළු ශ්‍රී ලංකා යොවුන් කන්තා කණ්ඩායමට ආසියානු කුසලානයේ පළමු ජයග්‍රහණය වෙනුවෙන් මම සුබ පතනවා.” යනුවෙන් එහි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
12
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව ළඟ තියාගෙන හිරුණිකා අමතයි - හිරුණිකාගේ කතාවට සජිතුත් හොල්මන්
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
06:28
Video thumbnail
වාහන 04ක් එකිනෙක ගැටුණු බිහිසුණු අනතුරේ සජීවී දර්ශන
04:57
Video thumbnail
අඩු වූ ප්‍රෙට්‍රල් මිල ගැන මිනිස්සු කියන කතා මෙන්න
06:57
Video thumbnail
සජිත් වේදිකාව දෙක කරමින් කරපු කතාව
17:43
Video thumbnail
නාමල් ජනපති අනුරට විහිළු කරයි
17:52
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21

?