ඩිපෝ 25ක් සංවර්ධනයේ කිරීමේ වැඩසටහනක්

වත්මන් රජයේ විශේෂ ව්‍යාපෘතියක් යටතේ දිවයිනේ ඩිපෝ 25ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

අද (30) දින උඩහමුල්ල ඩිපෝව නිරීක්ෂණය කිරීමට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ අදහසක් යටතේ දිවයිනේ තෝරාගත් ඩිපෝ 25ක් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙනු ඇති.

ඊට අදාළ නියමු ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්‍යයභාරය තමන්ට පැවරී ඇති බවත්, ඩිපෝව තුළ පවත්නා අක්‍රමිකතා හා සේවක හිඟය යන කාරණාවලට පිළියම් සෙවීම මෙහි අරමුණ බැවින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නව මානයකට රැගෙන ඒමට කටයුතු කරන බවයි ඒ මහතා පැවසුවේ.

මින් ඉදිරියට කිසිදු වෘත්තියකට දේශපාලන පත්වීම් නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?