ඩිජිටල් සේවා සඳහා වැට් අය කිරීමට තීරණය කෙරේ

2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබෙනවා.

අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කෙරුණු අතර, එහිදී පැවසුවේ 2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ප්‍රකාරව මෙලෙස ඩිජිටල් සේවාවන් සඳහා VAT බදු අයකෙරන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 01 දින පළ කරන ලද අංක 2443/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම නව ඩිජිටල් සේවා බදු සම්බන්ධයෙන් මාර්ගෝපදේශයන් පළ කර තිබෙන බවයි.

ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකු හට විද්‍යුත් වේදිකාවක් හරහා සේවාවන් සපයන අනේවාසික තැනැත්තන් මෙම ඩිජිටල් සේවා සඳහා බදු ගෙවීමට යටත්වනු ඇති.

එහිදී වැට් බදු සඳහා පසුගිය මාස 12ක කාලය තුළ දී රු. මිලියන 60 ඉක්මවූ සේවාවන් සපයා ඇති හෝ අවසාන කාර්තුව තුළ දී රු. මිලියන 15 ක් ඉක්මවා සේවාවන් සපයා ඇති අයවළුන් ලියාපදිංචි වීම අනිවාර්යය වනවා.

පහත සඳහන් ක්ෂේත්‍රයන් මෙම ඩිජිටල් සේවා ගණයට වැටෙනු ඇති.

E-commerce Services
Cloud Computing
Software as a service (SaaS)
Cybersecurity Services
Digital Marketing & Advertising
IT support & Managed Services
Streaming Services
Fin Tech
Subscription & Membership Website
E-commerce Platforms
Social Media Platforms
On Demand Service Platforms
Content Sharing Platforms
Cloud Collaboration Platforms
Market Place Platforms
Gaming Platforms
Blockchain & NFT Platforms
Apps for hotel bookings and ticket reservations

මේ අනුව ඉහත සඳහන් ඩිජිටල් සේවාවන් සැපයීම, 2025 ඔක්තෝබර් 01 දින සිට 18% ක වැට් බදු අනුපාතිකයකට යටත් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
3
+1
2
+1
2
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53