ඩිජිටල් සංවර්ධනයට ඉන්දියා හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට අනුමැතිය

තොරතුරු තාක්ෂණයේ සහ ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වශයෙන් ඉන්දියාව ඉ-රාජ්‍ය පාලනය, මූල්‍ය තාක්ෂණ ක්‍රමවේද, කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවල අත්කරගෙන ඇති විශේෂඥ දැනුම බහුවිධ ක්‍රියාකාරකම් හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්ධනය සඳහා ලබා ගැනීමට හැකියාව පවතිනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අවධාරණය කෙරුණේ; ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට දෙපාර්ශ්වය අතර මූලික එකඟතාවකට පැමිණ ඇති බවයි.

ඩිජිටල් සංවර්ධන ක්ෂේත්‍රයේ නිලධාරින්ගේ ධාරිතා වර්ධනය කිරීමට සහ ඩිජිටල් සංවර්තන විසඳුම් ක්‍රියාත්මක කිරීමේ දී දෙරට අතර ආයතනික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමට හැකියාව ලැබෙනවා.

ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?