AFC Banner
AFC Banner
Empty Ad

ඩයනා ගමගේට අධිචෝදනා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිළකරත්න මහතා නියෝග කළා.

රුපියල් 25,000 මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරිර ඇප දෙකක් මත මුදාහැරීමට ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

එසේ ඇප මත මුදාහැරුනේ ද්විත්ව පුරවැසිභාවය දැරීම, කුඨ ලේඛන ඉදිරිපත් කර ශ්‍රී ලංකික ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ ආගමන විගමන පාලකවරයා නොමඟ යැවිම ඇතුළු අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා පැවරු නඩුව මහාධිකරණය හමුවේ ඊයේ (27) කැඳවු අවස්ථාවේදීයි.

එම චෝදනා යටතේ ඩයනා ගමගේට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම ද එහිදි සිදු වුණා.

අධිකරණයෙන් නිකුත් කළ නොතීසි අනුව ඩයනා ගමගේ නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

විත්තිකාර ඩයනා ගමගේ ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙස ද අධිකරණය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?