ඩයනා කිරිපිටි ගන්න විදිය රටටම හෙලි කරයි

කිරිපිටි ප‍්‍රශ්නෙට එකම විසඳුම දේශීය කිරිපිටි සමාගම්වලට සහන සලසා දීලා ඒ සමාගම් නගා සිටුවීම….. යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ඩයනා ගමගේ මහත්මිය ඊයේ (14 වැනිදා) පැවසුවාය.

දේශීය කිරිපිටි නගා සිටුවීමෙන් මේ වනවිට වෙළෙඳුන් ස`ගවා ගෙන සිටින පිටරටින් ගෙන්වන කිරිපිටි යස අගේට ප‍්‍රතික්‍ෂේප වනු ඇතැයි විශ්වාස යැයිද ඇය සඳහන් කළාය.

ඇය මෙසේද කීවාය, මේ රටේ කිරිපිටි හි`ගයක් තිබෙනවා. ජනතාව පෝළිම්වල ඉඳගෙන කිරිපිටි ගන්නේ. මමත් පෝළිමේ ගිහින් කිරිපිටි ගන්නේ. රටේ ජනතාව පුදුම දුකක් විඳින්නේ. දේශීය කිරිපිටි සමාගම් නගා සිටුවන්න ඕනේ, පැලවත්ත කිරිපිටි සමාගමට රජයෙන් සහන දීලා එය නගා සිටුවන්න ඕන, එතකොට මේ රටේ ජනතාව අපේ දේශීය කිරිපිටි වැඩි වැඩියෙන් ගන්න පෙලඹෙනවා. එතකොට ඔය පිටරටින් ගෙන්වන කිරිපිටි ඉබේටම නතර වේවි.

රටේ දේශීය දේ නගා සිටුවනවානම් ඔය හැම දේම පිටරටින් ගේන්න අවශ්‍ය වන්නේ නැහැ. එතකොට ජනතාව පෝළිම්වල ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?