AFC Banner
Empty Ad
Empty Ad

ඩයනාට චෝදනා කියවා දීම අගෝස්තු මස පළමු වැනිදා

ශ්‍රී ලාංකික පුරවැසිභාවයක් නොමැතිව මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා කියවා දීම අගෝස්තු මස 01 වනදා සිදු කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

මෙම පැමිණිල්ල අද (11) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර ඩයනා ගමගේ මහත්මියට එරෙහිව චෝදනා පත්‍රයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කළා.

ඒ අනුව අදාළ චෝදනා පත්‍රය කියවාදීම සඳහා අගෝස්තු මස 01 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදු කිරීමට ද අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?