ඩයනාගේ පාස්පෝට් නඩුවේ සාක්ෂි විභාගයට දිනදෙයි

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම යන චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු මස 21 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම නඩුවේ විභාගය ජූලි මස 31 වනදා කැඳවීමට නියමිතව තිබු නමුත් එදිනට විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශානක රණසිංහට වෙනත් නඩු කටයුත්තක් පවතින බැවින් මෙම නඩුවේ සාක්ෂි විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ඊට පිළිතුරු දෙමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය කියා සිටියේ මෙම නඩුවේ විභාගය අවස්ථා තුනකදී කල් දැමුනු බවයි.

ඒ, අනුව සාක්ෂි විභාගය සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස ඇය ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නඩු විභාගය අගෝස්තු 21 සිදුකිරීමට දින නියම කළා.

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සහ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව මෙම නඩු ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?