ඩයනාගේ නඩු තීන්දුවට කට දැමූ ඕෂලට එරෙහිව පෙත්සමක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඉකුත් දා අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව විවේචනය කරමින් අදහස් පළ කිරීම තුළින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අප අධිකරණ වාර්තාකරු පැවසුවේ; විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් පෙත්සම ඉදිරිපත් කළා.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඕෂල හේරත් විසින් ඉදිරිපත් කරන ලද රීට් පෙත්සමක් ඉකුත් දා අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළ බව පෙත්සම්කරු පවසනවා.

ඉකුත් 05 වනදා “මී මැස්සෝ” නමැති යූටියුබ් නාලිකාවට සාකච්ඡාවක් ලබා දුන් වගඋත්තරකාර ඕෂල හේරත් එම අභියාචනාධිකරණ තීන්දුව විවේචනය කරමින් අදහස් පළ කර ඇතැයි ද පෙත්සමේ සඳහන් වෙනවා.

මේ තුළින් ඔහු අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල කොට ඇති අතර අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය හා ගෞරවය පළුදු වන ආකාරයෙන් කටයුතු කර තිබෙන බවත් පෙත්සමේ චෝදනා කර තිබෙනවා.

ඒ අනුව වගඋත්තරකාර ඕෂල හේරත් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ ඔහුට දඬුවම් නොකිරීමට හේතු විමසා සුදුසු දඬුවම් නියම කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
1
+1
0
+1
2
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?