ඩයනාගේ නඩු තීන්දුවට කට දැමූ ඕෂලට එරෙහිව පෙත්සමක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඉකුත් දා අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව විවේචනය කරමින් අදහස් පළ කිරීම තුළින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අප අධිකරණ වාර්තාකරු පැවසුවේ; විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් පෙත්සම ඉදිරිපත් කළා.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඕෂල හේරත් විසින් ඉදිරිපත් කරන ලද රීට් පෙත්සමක් ඉකුත් දා අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළ බව පෙත්සම්කරු පවසනවා.

ඉකුත් 05 වනදා “මී මැස්සෝ” නමැති යූටියුබ් නාලිකාවට සාකච්ඡාවක් ලබා දුන් වගඋත්තරකාර ඕෂල හේරත් එම අභියාචනාධිකරණ තීන්දුව විවේචනය කරමින් අදහස් පළ කර ඇතැයි ද පෙත්සමේ සඳහන් වෙනවා.

මේ තුළින් ඔහු අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල කොට ඇති අතර අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය හා ගෞරවය පළුදු වන ආකාරයෙන් කටයුතු කර තිබෙන බවත් පෙත්සමේ චෝදනා කර තිබෙනවා.

ඒ අනුව වගඋත්තරකාර ඕෂල හේරත් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ ඔහුට දඬුවම් නොකිරීමට හේතු විමසා සුදුසු දඬුවම් නියම කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21