ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක් – මෙන්න නවතම මිල ගණන්

ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

2024 වසරේ දෙසැම්බර් මස 27 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින් අද (15) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

නව ගැසට් නිවේදනයට අනුව,

ටූනා ශුද්ධ බර ග්‍රෑම් 155ක ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 165ක්
ටූනා ශුද්ධ බර ග්‍රෑම් 425ක ටින් මාළු උපරිම සිල්ලර මිල රුපියල් 380ක්
මැකරල් ටින්මාළු ශුද්ධ බර ග්‍රෑම් 155 මිල රුපියල් 210ක්
මැකරල් ටින්මාළු ශුද්ධ බර ග්‍රෑම් 425 මිල රුපියල් 480ක්
ජැක් මැකරල් ටින් මාළු ශුද්ධ බර ග්‍රෑම් 155 මිල රුපියල් 240ක්
ජැක් මැකරල් ටින් මාළු ශුද්ධ බර ග්‍රෑම් 425 මිල රුපියල් 560ක්

ඒ, අනුව මෙම උපරිම සිල්ලර මිල ගණන්වලට වඩා වැඩි මිලට ටින් මාළු විකිණීම කිරීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම සහ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු වනවා.

03
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
5
+1
42
+1
1
+1
4
+1
2
+1
3
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?