ටික්ටොක් අයිතිය එලොන් මස්ක් සතුවේවි ද ?

චීනය සිය ටික්ටොක් සමාජ මාධ්‍ය සමාගමේ ඇමරිකානු මෙහෙයුම් එලොන් මස්ක්ට විකිණීමට අවසරදීම සලකා බලමින් සිටින බවට පළවන වාර්තාව, හුදෙක් ප්‍රබන්ධයක් බව එම සමාගම පවසනවා.

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ටික්ටොක් යෙදුම තහනම් කිරීම තහවුරු කළහොත්, චීන නිලධාරීන් ඇමරිකාවේ තම ව්‍යාපාරය ලොව ධනවත්ම පුද්ගලයාට විකිණීමට විකල්පයක් සලකා බලමින් සිටින බවට බ්ලූම්බර්ග් විසින් කරන ලද වාර්තාවකට ප්‍රතිචාර වශයෙන් එම සමාගම මෙම අදහස් පළකර තිබෙනවා.

ටික්ටොක් සමාජ මාධ්‍ය සමාගමට ඇමරිකානු මෙහෙයුම් විකිණීමට හෝ රට තුළ තහනම් කිරීම සම්බන්ධයෙන් වන තීන්දුවක් එළඹෙන 19 වනදා ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විසින් තීන්දුවක් ලබාදීමට නියමිතයි.

කෙසේ වෙතත් ටික්ටොක් සිය ඇමරිකානු මෙහෙයුම විකිණීමේ සූදානමක් නැති බව නැවත නැවතත් පවසා තිබෙනවා.

මේ අතර එලෝන් මස්ක් විසින් ඉදිරියේ දී ටික්ටොක් හි එක්සත් ජනපද මෙහෙයුම් පාලනය කරනු ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා පළවනවා.

මේ අතර පසුගිය මාසයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ තමා බලයට පත්වන තෙක් ටික්ටෝක් සම්බන්ධ තීරණය ප්‍රමාද කරන ලෙසයි.

ට්‍රම්ප් ඇමරිකාව තුළ ටික්ටොක් තහනම් කිරීමට විරුද්ධ වන බවත්, ඔහු බලයට පත් වූ පසු දේශපාලන ක්‍රම මගින් අත ළඟ ඇති ගැටළු විසඳීමට හැකියාව සොයන බවත්, පවසන නීතිමය ලිපියක් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?