ටික්ටොක් අයිතිය එලොන් මස්ක් සතුවේවි ද ?

චීනය සිය ටික්ටොක් සමාජ මාධ්‍ය සමාගමේ ඇමරිකානු මෙහෙයුම් එලොන් මස්ක්ට විකිණීමට අවසරදීම සලකා බලමින් සිටින බවට පළවන වාර්තාව, හුදෙක් ප්‍රබන්ධයක් බව එම සමාගම පවසනවා.

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ටික්ටොක් යෙදුම තහනම් කිරීම තහවුරු කළහොත්, චීන නිලධාරීන් ඇමරිකාවේ තම ව්‍යාපාරය ලොව ධනවත්ම පුද්ගලයාට විකිණීමට විකල්පයක් සලකා බලමින් සිටින බවට බ්ලූම්බර්ග් විසින් කරන ලද වාර්තාවකට ප්‍රතිචාර වශයෙන් එම සමාගම මෙම අදහස් පළකර තිබෙනවා.

ටික්ටොක් සමාජ මාධ්‍ය සමාගමට ඇමරිකානු මෙහෙයුම් විකිණීමට හෝ රට තුළ තහනම් කිරීම සම්බන්ධයෙන් වන තීන්දුවක් එළඹෙන 19 වනදා ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විසින් තීන්දුවක් ලබාදීමට නියමිතයි.

කෙසේ වෙතත් ටික්ටොක් සිය ඇමරිකානු මෙහෙයුම විකිණීමේ සූදානමක් නැති බව නැවත නැවතත් පවසා තිබෙනවා.

මේ අතර එලෝන් මස්ක් විසින් ඉදිරියේ දී ටික්ටොක් හි එක්සත් ජනපද මෙහෙයුම් පාලනය කරනු ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා පළවනවා.

මේ අතර පසුගිය මාසයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ තමා බලයට පත්වන තෙක් ටික්ටෝක් සම්බන්ධ තීරණය ප්‍රමාද කරන ලෙසයි.

ට්‍රම්ප් ඇමරිකාව තුළ ටික්ටොක් තහනම් කිරීමට විරුද්ධ වන බවත්, ඔහු බලයට පත් වූ පසු දේශපාලන ක්‍රම මගින් අත ළඟ ඇති ගැටළු විසඳීමට හැකියාව සොයන බවත්, පවසන නීතිමය ලිපියක් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14