AFC Banner
Empty Ad
Empty Ad

ට්‍රම්ප් ෆෙන්ෂුයි රුවක් චීනයේ අලෙවියට

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් භාවනායෝගීව සිටින ආකාරයේ ෆෙන්ෂුයි ප්‍රතිමාවක් චීනයේ ගෘහභාණ්ඩ නිෂ්පාදකයෙකු විසින් අලෙවියට ඉදිරිපත් කර තිබෙනවා. මහායාන චීවරයක් හැඳ, ජනපති ට්‍රම්ප් පද්මාසනයෙන් භාවනායෝගීව සිටින අඟල් 18 ක බුද්ධ ප්‍රතිමාවක් මිල කර ඇත්තේ ඇමරිකානු ඩොලර් 615 කටයි.

එය, අලිබාබා ඊ-වානිජ වෙබ් අඩවියට සම්බන්ධ තාඕ-බාඕ මගින් අලෙවියට ඉදිරිපත් කර ඇති අතර, මේ වනවිටත් ප්‍රතිමා රැසක්ම අලෙවි වී ඇති බව සඳහන්. එය, අලෙවි කිරීමේ තේමා පාඨය ලෙස සටහන් කර ඇත්තේ “මේක් යුවර් කම්පැනි ග්‍රේට් එගේන්” නැතිනම් ඔබේ සමාගම නැවතත් විශිෂ්ඨත්වයට පත් කිරීම යනුවෙන්. 2016 වසරේ ජනපති ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ තේමා පාඨය වූයේ මේක් ඇමරිකා ග්‍රේට් එගේන් යන්නයි. කෙසේ නමුත් සිය පාලන කාලය තුළ දැඩි ආවේගශීලීව කටයුතු කළ ජනපති ට්‍රම්ප් බුද්ධ ප්‍රතිමාවකට යොදාගැනීම සම්බන්ධයෙන් ඇතමුන් නොසතුට පළ කරනවා.

Screenshot 2021 03 12 1361 jpg WEBP Image 620 × 775 pixels — Scaled 80
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?