ට්‍රැක්ටර් රථයක මඩ කවරය මත සිටි කුඩා දරුවෙකු රැගෙන බෝක්කුවක් මතින් ගමන් කිරීමේ දී එම දරුවා බිම ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වාකරේ පොලිස් වසමේ පූච්චංකේනි ප්‍රදේශයේ තෝනිතට්ටමඩු වැව අසල දී ඊයේ (07) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 06 ක් වූ තෝනිතට්ටමඩු, පූච්චංකේනි ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.
දරුවා ට්‍රැක්ටර් රථයෙන් වැටුණු අවස්ථාවේ දී එහි රියදුරු රථය නැවත්වීමට තිරිංග යොදන අවස්ථාවේ දී දරුවා ට්‍රැක්ටර් රථයට යට වී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
අනතුරට සම්බන්ධ ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාකරේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.