ට්‍රම්ප්ගේ නව ජාතික ආරක්ෂක උපදේශකයා නම් කරයි

එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ජාතික ආරක්ෂක උපදේශක ලෙස ෆ්ලොරිඩාවේ කොන්ග්‍රස් සභික මයික් වෝල්ට්ස් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට 50 හැවිරිදි වියේ පසුවන වෝල්ට්ස්, විශ්‍රාමික හමුදා කර්නල්වරයෙක් වන අතර, ඔහු එක්සත් ජනපද හමුදාවේ ප්‍රභූ විශේෂ බලකායේ ද සේවය කර තිබෙනවා.

මයික් වෝල්ට්ස් 2019 සිට එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන අයෙක්.

ඔහු ජනාධිපති ජෝ බයිඩන්ගේ විදේශ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරන අයෙකු වී සිටිනවා.

මයික් වෝල්ට්ස් පරිපාලනයේ සේවය කිරීමට කැමැත්තෙන් සිටි අයෙක් වන අතර, පෙන්ටගනයට නායකත්වය දීමට අපේක්ෂකයෙකු ලෙස ද ඔහු සැලකෙනවා.

මේ අතර එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ට්‍රම්ප්; ෆ්ලොරිඩා සෙනෙට් සභික මාර්කෝ රුබියෝ රාජ්‍ය ලේකම් ලෙස නම් කරනු ඇතැයි අපේක්ෂා කරන බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරනවා.

කෙසේ වෙතත් 2016 දී ඔවුන් රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරඟ කරන අවස්ථාවේ දී රුබියෝ, ට්‍රම්ප්ව හැඳින්වූයේ ජනාධිපතිකම අපේක්ෂා කළ වඩාත්ම අශිෂ්ට පුද්ගලයා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15