ඉරානය බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර කල් දැමීමට ට්‍රම්ප් තීරණය කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටී තිබෙනවා.
ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 106.76ක් දක්වා 1.2% කින් අඩු වී ඇති අතර, WTI වර්ගයේ ඩොලර් බොරතෙල් බැරලයක මිල ඩොලර් 93.41ක් දක්වා 1.1% කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
ඇමරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුම හරහා නිවේදනය කළේ ඉරානය බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම තවත් දින 10කින් දීර්ඝ කිරීමට තීරණය කළ බවයි.
මෙම දින 10ක කාලය අප්‍රේල් 06 වන දිනය දක්වා පැවතෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
8
+1
1
+1
+1
+1













