ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු එලොන් මස්ක්ගේ ශුද්ධ වත්කම්වල ඉහළ යාමක්

එක්සත් ජනපද ජනාධිපති සටනින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් පසු; ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක්ගේ ශුද්ධ වත්කම් ඩොලර් බිලියන 300 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ එලෝන් මස්ක්ගේ ශුද්ධ වටිනාකම වසර තුනකට ආසන්න කාලයකදී ප්‍රථම වතාවට මෙලෙස ඩොලර් බිලියන 300 ඉක්මවා ගොස් ඇති බවයි.

ඒ, අනුව පසුගිය අඟහරුවාදා සිට ටෙස්ලාගේ කොටස් 28% කින් ඉහළ ගොස් ඇති අතර; එලොන් මස්ක්ගේ ධනය ඩොලර් බිලියන 50 කින් ඩොලර් බිලියන 313.7ක් දක්වා වැඩි වී තිබෙනවා.

ටෙස්ලා විදුලි වාහන ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට දායකත්වය ලබාදීම, මස්ක්ගේ ශුද්ධ වටිනාකමෙන් ඩොලර් බිලියන 82ක් වන SpaceX සහ අඟහරු වෙත ළඟාවීමට අවශ්‍ය සහාය සැපයීම වැනි ජනාධිපති ට්‍රම්ප් විවෘතව සිදුකළ යෝජනා හේතුවෙන් එලොන් මස්ක්ගේ වටිනාකම මෙලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ට්‍රම්ප් පරිපාලනයේ අලුතින් නිර්මාණය කරන ලද භූමිකාවක සේවය කිරීම පිළිබඳ යෝජනවක් ද එලොන් මස්ක් වෙත ලබා දී තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය ලබාදීමට මැතිවරණට සහි කිහිපයක පෙර මස්ක් තීරණය කළා.

ඒ, සමඟ ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ මස්ක් ඡන්දදායකයින් සඳහා දෛනිකව ඩොලර් මිලියන 1 ක මුදලක් ලබා දීම වැනි ප්‍රචාරණ කටයුතු ද සිදුකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?