ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු එලොන් මස්ක්ගේ ශුද්ධ වත්කම්වල ඉහළ යාමක්

එක්සත් ජනපද ජනාධිපති සටනින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් පසු; ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක්ගේ ශුද්ධ වත්කම් ඩොලර් බිලියන 300 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ එලෝන් මස්ක්ගේ ශුද්ධ වටිනාකම වසර තුනකට ආසන්න කාලයකදී ප්‍රථම වතාවට මෙලෙස ඩොලර් බිලියන 300 ඉක්මවා ගොස් ඇති බවයි.

ඒ, අනුව පසුගිය අඟහරුවාදා සිට ටෙස්ලාගේ කොටස් 28% කින් ඉහළ ගොස් ඇති අතර; එලොන් මස්ක්ගේ ධනය ඩොලර් බිලියන 50 කින් ඩොලර් බිලියන 313.7ක් දක්වා වැඩි වී තිබෙනවා.

ටෙස්ලා විදුලි වාහන ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමට දායකත්වය ලබාදීම, මස්ක්ගේ ශුද්ධ වටිනාකමෙන් ඩොලර් බිලියන 82ක් වන SpaceX සහ අඟහරු වෙත ළඟාවීමට අවශ්‍ය සහාය සැපයීම වැනි ජනාධිපති ට්‍රම්ප් විවෘතව සිදුකළ යෝජනා හේතුවෙන් එලොන් මස්ක්ගේ වටිනාකම මෙලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ට්‍රම්ප් පරිපාලනයේ අලුතින් නිර්මාණය කරන ලද භූමිකාවක සේවය කිරීම පිළිබඳ යෝජනවක් ද එලොන් මස්ක් වෙත ලබා දී තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය ලබාදීමට මැතිවරණට සහි කිහිපයක පෙර මස්ක් තීරණය කළා.

ඒ, සමඟ ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ මස්ක් ඡන්දදායකයින් සඳහා දෛනිකව ඩොලර් මිලියන 1 ක මුදලක් ලබා දීම වැනි ප්‍රචාරණ කටයුතු ද සිදුකරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14