ට්‍රම්ප්ගේ ගමනට සහාය දෙනවා – කමලා හැරිස් පරාජය පිළිගනිමින් ප්‍රකාශ කරයි

47 වැනි ජනාධිපතිවරයා ලෙස අමෙරිකාවේ තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පාක්ෂික දේශපාලන ගමනට ඉදිරියේ දී සාමකාමී බල හුවමාරුවක් සමගින් ට්‍රම්ප්ගේ වැඩපිළිවෙළ සඳහා සහාය ලබාදීමට තමන් සූදානම් බව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් ප්‍රකාශ කර තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය පවසන්නේ ට්‍රම්ප් හමුවේ ලද පරාජය සියලුම ප්‍රාන්ත 50 සහ එක් ෆෙඩරල් රාජ්‍යයේ ද සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව හැරිස් මෙම ප්‍රකාශය සිදු කර ඇති බවයි.

තමන් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් හමුවේ පරාජයට පත්වීම පිළිගන්නා බව ද; තමන්ට සහාය දුන් සියලුම අමෙරිකානුවන්ට ගෞරවය සහ ස්තුතිය පිරිනමන බව ද හැරිස් සඳහන් කර තිබෙනවා.

ට්‍රම්ප් තම ජය තහවුරු කරගැනීමට 50.8%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර කමලා හැරිස් ලබා ඇත්තේ ප්‍රතිශතාත්මකව ඡන්ද 47.5%ක් පමණයි.

ඒ අනුව ට්‍රම්ප්ට ආසන 295ක් සහ හැරිස්ට ආසන 226ක් හිමිව තිබෙනවා.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සමග රිපබ්ලිකන් පාක්ෂිකයින්ට සෙනෙට් සභාවේ හිමිව ඇති ආසන සංඛ්‍යාව 52ක්.

ඩිමොක්‍රටිස් හට ආසන 44ක් හිමි වුණා.

ධවල මන්දිරයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා රිපබ්ලිකානුවන්ගෙන් 209කට අවස්ථාව හිමිව ඇති අතර 191 දෙනෙකුට ඩිමොක්‍රටික් වෙනුවෙන් ආසන හිමිවනු ඇති.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උප ජනාධිපතිවරයා වශයෙන් ජේඩී වැන්ස් කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?