ට්‍රම්ප්ගේ ගමනට සහාය දෙනවා – කමලා හැරිස් පරාජය පිළිගනිමින් ප්‍රකාශ කරයි

47 වැනි ජනාධිපතිවරයා ලෙස අමෙරිකාවේ තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පාක්ෂික දේශපාලන ගමනට ඉදිරියේ දී සාමකාමී බල හුවමාරුවක් සමගින් ට්‍රම්ප්ගේ වැඩපිළිවෙළ සඳහා සහාය ලබාදීමට තමන් සූදානම් බව ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් ප්‍රකාශ කර තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය පවසන්නේ ට්‍රම්ප් හමුවේ ලද පරාජය සියලුම ප්‍රාන්ත 50 සහ එක් ෆෙඩරල් රාජ්‍යයේ ද සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව හැරිස් මෙම ප්‍රකාශය සිදු කර ඇති බවයි.

තමන් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් හමුවේ පරාජයට පත්වීම පිළිගන්නා බව ද; තමන්ට සහාය දුන් සියලුම අමෙරිකානුවන්ට ගෞරවය සහ ස්තුතිය පිරිනමන බව ද හැරිස් සඳහන් කර තිබෙනවා.

ට්‍රම්ප් තම ජය තහවුරු කරගැනීමට 50.8%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර කමලා හැරිස් ලබා ඇත්තේ ප්‍රතිශතාත්මකව ඡන්ද 47.5%ක් පමණයි.

ඒ අනුව ට්‍රම්ප්ට ආසන 295ක් සහ හැරිස්ට ආසන 226ක් හිමිව තිබෙනවා.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සමග රිපබ්ලිකන් පාක්ෂිකයින්ට සෙනෙට් සභාවේ හිමිව ඇති ආසන සංඛ්‍යාව 52ක්.

ඩිමොක්‍රටිස් හට ආසන 44ක් හිමි වුණා.

ධවල මන්දිරයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා රිපබ්ලිකානුවන්ගෙන් 209කට අවස්ථාව හිමිව ඇති අතර 191 දෙනෙකුට ඩිමොක්‍රටික් වෙනුවෙන් ආසන හිමිවනු ඇති.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උප ජනාධිපතිවරයා වශයෙන් ජේඩී වැන්ස් කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07