“ටයිෆූන් රගසා” පිලිපීනයෙන් හොංකොං වෙතට

මෙම වසර තුළ මේ වන තෙක් ලෝකයට බලපෑ ප්‍රබලතම කුණාටුව වන ටයිෆූන් රගසා කුණාටුව පිලිපීනයෙන් පසු හොංකොං දෙසට ගමන් කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කුණාටුව නිසාවෙන් පිලිපීනය තුළ මින්සුන් දහස් ගණනකට තම නිවාස හා දේපළ අහිමි වු අතර එම කුණාටුව නිසා ජිවිත හානි ද වාර්තා වී තිබෙනවා.

හොංකොං රජය විසින් මේ වනවිට එරට ප්‍රධාන ගුවන්තොටුපළ හා පාසල් වසා දමා ඇති අතර මිනිසුන් ආරක්ෂිතව නිවෙස්වල රැඳී සිටින බවයි පැවසෙන්නේ.

එම කුණාටුවේ උච්චතම අවස්ථාවේ දී පැයට කිලෝමීටර 260 (පැයට සැතපුම් 162) ක පමණ වේගයෙන් එම කුණාටුව හමාගොස් ඇති බවයි වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?