යටවත්ත පොලිස් වසමේ ඇටිපොල ගල්දොර හේන පාර ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී ඊයේ (13) පස්වරුවේ පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ වාලවෙල ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45ක පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.
මරණකරුගේ ඥාති සහෝදරයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ඝාතනය සිදුකළ වයස අවුරුදු 60ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර යටවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
+1
1
+1
+1





