ජෝ බයිඩන් බදාදා ඊශ්‍රායලයට – 250 දෙනෙක් හමාස් ග්‍රහණයේ

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බදාදා ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බව තොරතුරු වාර්තා වනවා.

හමාස් සටන්කාමීන්ට එරෙහි යුද සැලසුම් පිළිබඳව දැනුවත් කිරීම බයිඩන්ගේ මෙම හදිසි සංචාරයේ අරමුණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

හමාස් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ඊශ්‍රායලයට අයිතිය සහ යුතුකමක් ඇති බව ජෝ බයිඩන් ජනාධිපතිවරයා අවධාරණය කරනු ඇතැයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසනවා.

මේ අතර ගාසා තීරයට ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 2,800කට වැඩි පිරිසක් මිය ගිය බව පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය වන WAFA වාර්තා කරනවා.

හමාස් සටන්කාමීන්ගේ ‘ක්වසාම්’ බලඇණිය පවසන්නේ ඔවුන්ගේ ග්‍රහණයේ ඊශ්‍රායලයෙන් අල්ලා ගත් 250ක පිරිසක් සිටින බවයි.

සුදුසු වාතාවරණයක් උදා වූ සැණින්, තම ග්‍රහණයේ පසුවන එම පිරිස මුදාහැරීමට පියවර ගන්නා බව ද ‘ක්වසාම්’ බලඇණිය වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඊශ්‍රායලය හමුදා ගාසා තීරයේ දේශසීමා ආසන්නේ මේ වනවිටත් කඳවුරු ලා සිටින අතර,ගොඩබිම් ආක්‍රමණය සඳහා නියෝගය ලැබෙන තෙක් ඔවුන් මෙලෙස දේශසීමා ආසන්නේ රැඳී සිටිනවා.

චීනයේ ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) සටන් විරාමයක් ඉල්ලා ඇති අතර, ඊශ්‍රායලයේ සහ පලස්තීන ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස චීන රජය දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22