AFC Banner
AFC Banner
Empty Ad

ජෝර්ජියාවේ පාසලක වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුගේ පියා අත්අඩංගුවට

අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ සිය උසස් පාසලේ දී පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට ලක්වූ වයස අවුරුදු 14 හැවිරිදි පිරිමි ළමයෙකුගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 54ක් වූ කොලින් ග්‍රේට නැමැත්තෙක්.

ඔහුට මනුෂ්‍ය ඝාතන චෝදනා හතරක්, දෙවන මට්ටමේ මිනීමැරුම් දෙකක් සහ ළමයින්ට කෲරකම් කිරීම යනුවෙන් චෝදනා අටක් එල්ල වී ඇති බව ජෝර්ජියා විමර්ශන කාර්යාංශය පවසනවා.

ඔහුගේ පුත් කෝල්ට් ග්‍රේට හට මිනීමැරුම් චෝදනා හතරක් එල්ල කර ඇති අතර වැඩිහිටියෙකු ලෙස ඔහුට නඩු පැවරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කෝල්ට් ග්‍රේට විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් ගුරුවරුන් දෙදෙනෙකු සහ සිසුන් දෙදෙනෙකු මිය ගිය අතර තවත් 09 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ අනුව අද (06) උදෑසන ඔහු අධිකරණයට පෙනී සිටීමට නියමිතයි.

එහිදී තමන් දැනුවත්ව සිය පුතාට ආයුධයක් සන්තකයේ තබා ගැනීමට අවසර ලබා දීම හේතුවෙන් පියාට චෝදානා එල්ල වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?