ජේ ෂා අයි.සී.සී සභාපති පුටුවේ වැඩ අරඹයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජේ ෂා, අද (01) සිය ධුරය වැඩ ආරම්භ කර තිබෙනවා.

“අයි.සී.සී. සභාපතිවරයාගේ භූමිකාව භාර ගැනීමට ලැබීම මට ගෞරවයක්, අයි.සී.සී. අධ්‍යක්ෂවරුන්ගේ සහ සාමාජික මණ්ඩලවල සහයෝගය සහ විශ්වාසයට කෘතඥ වෙනවා” යනුවෙන් ෂා සිය පළමු දිනයේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.

එමෙන්ම නව සභාපතිවරයා පවසා ඇත්තේ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව එක් කිරීම තම ප්‍රධාන අරමුණක් බවයි.

ඊට ආමතරව ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය වශයන් තව තවත් ව්‍යාප්ත කිරීම සහ ආකර්ශනීය කර ගැනීමට කටයුතු කිරීම ද තම අරමුණක් බවයි ජේ ෂා පවසා ඇත්තේ.

මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවන ජේ ෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසයි.

මෙම තනතුරටපත්වීමට පෙර ඔහු ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයේ සහ, 2019 දී ඉන්දී ක්‍රිකට් පාලක මණ්ඩලයට සම්බන්ධ වෙමින් එහි ලේකම්වරයා ලෙස ද කටයුතු කළා.

2009 දී ගුජරාට් ක්‍රිකට් සංගමය සමගින් සිය ක්‍රිකට් පරිපාලන ගමන ආරම්භ කළ ජේ ෂා, ක්‍රිකට් පරිපාලනය පිළිබඳ පුළුල් අත්දැකීම් සහිත පුද්ගලයෙක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34